ආචර් ලෝක කුසලාන පදක්කම සොයාගනී
නැතිවී තිබූ තම ලෝක කුසලාන ජයග්‍රහණයේ පදක්කම සොයා ගැනීමට හැකිවූ බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් පවසයි. පසුගිය සතියේදී නිවෙස මාරු කිරීමෙන් පසුව මෙම පදක්කම නැතිවූ බවත් පදක්කම සොයමින් තමන් පිස්සු වැටී සිටි බවත් ජොෆ්රා පසුගිය සෙනසුරාදා කියා සිටියේය.
පදක්කම ඇඳක් මත ඇති ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරමින් විසිපස් හැවිරිදි සසෙක්ස් ප්‍රාන්ත වේග පන්දු යවන්නා කියා සිටියේ අමුත්තන්ගේ නිදන කාමරය පරික්ෂා කිරීමේදී අහඹු ලෙස එය සොයාගත් බවය.
ආචර්ගෙන් සිය ලෝක ශූරතා පදක්කම අස්ථානගතවීම පිළිබඳ බී.බී.සී. පුවත් සේවය මින් පෙර අවස්ථාවකදී ප්‍රශ්න කර තිබිණ. එහිදී ඔහු පවසා ඇත්තේ යමෙක් තමා වෙත එවා තිබූ චිත්‍රයක් බිත්තියේ රඳවා ඒ මත තම පදක්කම එල්ලා තිබූ බවයි.
“මම අලුත් ගෙදරකට මාරු වුණා. අලුත් ගෙදර බිත්තියෙත් ඒ චිත්‍රය රඳවලා තිබුණා. ඒත් පදක්කම ඒකෙ එල්ලලා තිබුණෙ නෑ. මම සතියක් විතර ගේ උඩු යටිකුරු කළා. එත් මට පදක්කම හොයා ගන්න බැරි වුණා.” යැයි ආචර් පැවසිය.
“ඒක ගෙදරම තියෙනව කියලා මම දන්නවා. ඒ නිසා මම ඒ ගැන විමසිල්ලෙන් ඉන්නෙ. ඒත් ඒක හොයලා හොයලා දැන් මට පිස්සු වැටිලා තියෙන්නේ.” යැයිද සෙනසුරාදා පැවසීය.
පසුගිය වසරේදී එංගලන්තයට සිය මංගල එක්දින ලෝක ශූරතාව දිනාගැනීම සඳහා මහඟු දායකත්වයක් සපයමින් ආචර් ජාත්‍යන්තරයේ නමක් දිනාගත්තේය. එහිදී කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 23.05 ක සාමාන්‍යක් රඳවාගනිමින් කඩුලු 20 ක් දවාගැනීමට ඔහු සමත් වූයේ ඕනෑම ලෝක ශූර කණ්ඩායමක වැඩිම කඩුලු ලාභියා බවටද පත්වෙමිනි. ඉකුත් වසරේදී (2019) ජාත්‍යන්තර වරම් දිනාගත් 25 හැවිරිදි ආචර්ට ලෝඞ්ස්හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සුපිරි ඕවරය යැවීමේ වගකීමද පැවරුණේ ඔහුගේ ආධුනිකත්වය නොසලකමිනි.
-036